ගීතයකි ඔබ - තිස්ස ජයරත්න

ගීතයකි ඔබ මගේ තත්සර රාවයේ
තනුව ඔබමය මගේ පදවැල් මාලයේ
හදින් හද මුමුණනා සවන් අතරේ රැවුදෙනා
ගීය ඔබමය තනුව ඔබමය මිහිරියේ...

සොයා එමි මම සුමුදු ඔබෙ රුව
හිඳුණු මැන මා එනතුරා
ඔබේ හඬ මම අසා සිටියෙමි
විහඟ ගීයක රැවුදෙනා...

ඔබ මගේ වී මා ඔබේ වී
එකම සෙවණක තනිවෙලා
මධු මලින් මල් මාල ගොතලා
පලඳවමි ඔබ ගෙල වටා...

ගීතයකි ඔබ....

No comments:

Post a Comment