ඇරඹුම ම කඳුළක්‌ වෙලා - කසුන් කල්හාර

ඇරඹුම ම කඳුළක්‌ වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා...//

දුක්‌බරව කවියක්‌ ලියා
එහි පද පෙළක්‌ අඩුවෙන් තියා
අරුත පසදින්නට කියා
අවසානයට පෙර ඈ ගියා...

ශෝකාන්තය එන තුරා
එහි රැඳෙන්නට සිත් නැති නියා
අනන්තය ළඟ මා දමා
අවසානයට පෙර ඈ ගියා...


ඇරඹුම ම කඳුළක්‌ වෙලා...


No comments:

Post a Comment