තාම තරුණයි - රොහාන් ශාන්ත බුලේගොඩ , දීපිකා ප්‍රියදර්ශනී පීරිස්

තාම තරුණයි රාත්‍රිය මනරම්
ළඟාවනු මැන සරා සඳ සමගින්
සීත කඳුළක් තබා සඳ නෙතගින්
රැය ගෙවී යයි තව නිමේෂයකින්...

ලොවම සැතපෙයි අඳුර මධුරයි
සිහින වෙරළට පාව එන් රහසින්
ලොවම අඳුරුයි අඳුර රුදුරුයි
සිහින වෙරළේ අගාධය ගැඹුරුයි...

තාම තරුණයි...
 

කුමුදු හිනැහෙයි පවන සිසිලයි
ළපලු පලසට පා නගන් විගසින්
කුමුදු පරවෙයි පවන රළුවෙයි
ළපලු යහනේ විරාමය කඳුළයි...

තාම තරුණයි... 




mp3 ලින්කුව මෙතනින්

No comments:

Post a Comment