පිවිතුරුය පළමු පෙම
බිහිසුණුය බිඳුනු දින
ලෙන්ගතුය සුවඳ ඔබ
සුදු හාමිනේ
තනිකඩය තවම මම....
වස්සාන කාලයක හිත දවා
අකුණු සැර නෙත් කෙවෙනි බොඳ කලා
මල් යාය බඹර ගී හඬතලා
කැකුළු පෙම මල් නටුව හැර ගියා...
බිහිසුණුය බිඳුනු දින
ලෙන්ගතුය සුවඳ ඔබ
සුදු හාමිනේ
තනිකඩය තවම මම....
වස්සාන කාලයක හිත දවා
අකුණු සැර නෙත් කෙවෙනි බොඳ කලා
මල් යාය බඹර ගී හඬතලා
කැකුළු පෙම මල් නටුව හැර ගියා...
පිවිතුරුය...
කප් තුරට යදම් බැඳි තටු සලා
සක්මනට නුහුරු සිත තනි කලා
අවරගිර තරු වැටෙන් ගිලිහිලා
සුභ නැකත රන් හුයක පැටලුනා...
කප් තුරට යදම් බැඳි තටු සලා
සක්මනට නුහුරු සිත තනි කලා
අවරගිර තරු වැටෙන් ගිලිහිලා
සුභ නැකත රන් හුයක පැටලුනා...
පිවිතුරුය...